| SME උපාංග කට්ටලය කුඩා ව්‍යාපාරයන්ට වර්ධනය වන වෙළඳපළ තුළ දියුණු වී සාර්ථක වීම සඳහා මෘදුකාංග, ව්‍යාපාර ආකෘති පත්‍ර, පුහුණුව සහ වැඩි උපකාර සපයනු ලැබේ. | |
| එය ගාස්තු රහිතද භාවිතයට පහසුද වේ. ඔබට අවශ්‍ය තොරතුරු සඳහා අදාළ පංති පිරික්සීම හෝ බ්‍රවුස් කිරීම කරන්න. | |
ව්‍යාපාර ක්‍රියාවලි අනුකූලනය
නේපාලයේ අඩු ආදායම් ලබන කාන්තාවන්ගේ ඉරණම පිළිබඳ පළපුරුද්දක් ඇති තම්රකාර් මිය ඔවුන්ට උපකාර කිරිමට ව්‍යාපාරයක් ගොඩ නැඟීමට තීරණය කළාය. ඇයට නේපාල කඩදාසි නිෂ්පාදනය පිළිබඳ විශේෂඥ දැනුමක් තිබූ හෙයින් ඇය 1997 දී CWC පිහිටුවා ගත්තාය. CWC මගින් නේපාලෙය් සහ විදේශයන්හි විකිණීම සඳහා කඩදාසි නිෂ්පාදන ගණනාවක් අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් සපයනු ලැබේ. ඇමෙරිකා එක්සත් ජනපදය. කැනඩාව, ඔස්ට්‍රියාවද ඇතුළු රටවල් ගණනාවකට විසින් CWCසිය නිෂ්පාදන අපනයනය කරනු ලැබේ. වැඩි දුර කියන්න...
ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයකු වූ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ව්‍යාපෘතියක් වන SME උපාංග කට්ටලය මගින් කුඩා ව්‍යාපාර/ කුඩා සහ මධ්‍යම ව්‍යාපාර (SMEs) සඳහා ගිණුම්කරණය සහ මූල්‍යය, ව්‍යාපාර කළමනාකරණය, මානව සම්පත් (HR),අලෙවිය සහ විකිණීම, මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණය (IT) පිළිබඳ නොමිලේ ව්‍යාපාර කළමනාකරණ තොරතුරු සහ සේවාවන් සපයයි. SME උපාංග කට්ටලය මඟින් සංවර්ධනය වන රටවල සහ දියුණුවන වෙළඳපළවල ව්‍යවසායකයන්,ව්‍යාපාරික අයිතිකරුවන් සහ කළමනාකරුවන්ට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට, ඒවාට මුදල් සපයා ගැනීමට, විධිමත් කිරීමට හා දියුණු කිරීමට, කෙසේද යන ලිපි, ව්‍යාපාර ආකෘති පත්‍ර, නොමිෙල් ව්‍යාපාරික මෘදුකාංග, ජාලස්ථ පුහුණුව, ස්වයං ඇගයීම් අභ්‍යාස, ප්‍රශ්නාවලි සහ සම්පත් සපයයි.
